ළමා කතා පොත්
Completed
ආපදා කළමණාකරන කතාන්දර අත්පොත
මෙය ස්වාභාවික ආපදාවන්හිදී ශක්තිය, ධෛර්යය සහ බලාපොරොත්තුව සොයා ගන්නා ළමුන්ගේ සත්‍ය සහ මනඃකල්පිත කතා අහුරකි.
මෙම පොත කියවීමෙන් දරුවන්ට:
තමන් ශක්තිමත් බව දැනගැනීමට: මහා කුණාටු, ගංවතුර, නාය යෑම් වැනි බාධක පැමිණි විට පවා තමන් සිතනවාට වඩා ශක්තිමත් බව තේරුම් ගැනීමට.
අන් අයට උපකාර කිරීමට: ගංවතුරට මුහුණ දුන් අහිංසා වැනි චරිත හරහා, කුඩා උපකාරයක් වුවද අන් අයගේ දුක අඩු කිරීමටත්, තමන්ගේ බිය නැති කිරීමටත් උපකාරී වන බව ඉගෙන ගැනීමට.
සූදානම පිළිබඳ ඉගෙනීමට: සුනාමියක් ගැන කලින් ඉගෙනගෙන සිටි නිසා සිය ගණනක් ජීවිත බේරාගත් 10 හැවිරිදි ටිලීගේ සත්‍ය කතාව මඟින්, පරිසරයේ සිදුවන අනතුරු ගැන දැනුවත්ව සිටීමේ වැදගත්කම අවබෝධ කර ගැනීමට.
බලාපොරොත්තුව රඳවා ගැනීමට: භූමිකම්පාවක සුන්බුන් අතරේ සිටියදී පවා බලාපොරොත්තුව අත් නොහැර උදව්වක් එනතුරු ඉවසා බලා සිටි නික්සන්ගේ කතාවෙන් ධෛර්යය ලැබීමට.
ආපදා කළමනාකරණය පුහුණු වීමට: යථා තත්ත්වයට පත්වීම සඳහා අන් අයට උදව් කරමින් , සිත සැහැල්ලු කර ගැනීමට චිත්‍ර ඇඳීම , සහ හදිසි අවස්ථාවකදී කළ යුතු ප්‍රායෝගික අභ්‍යාස (ආරක්ෂිත ස්ථාන, හුස්ම ගැනීමේ ක්‍රම) පිළිබඳව දැනුම ලබා ගැනීමට.
අවසාන පණිවිඩය: ඔබ කුණාටුවකට, ගංවතුරකට හෝ සුනාමියකට වඩා ශක්තිමත් බව පෙන්වා දෙන මෙම පොත, සෑම දරුවෙකුටම ආපදා තත්ත්වයන් ජය ගැනීමට අවශ්‍ය මානසික ශක්තිය ලබා දේ.
නිර්මාණය: නුවන් ඉෂාර මහගමගේ මාමා.
There are no comments for now.